මැතිවරණය ගැන අලුත්ම ගැසට් නිවේදනයක්

අප්‍රේල් 25 වනදා සැලසුම් කර තිබූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීමට නොහැකි බව දන්වමින් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසිනුයි ගැසට් නිවේදන මගින් මේ බව දන්වා ඇත්තේ.

එම ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම පසුගිය ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදු කෙරුණු අතර මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බව මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ බව අදාළ ගැසට් නිවේදනවල සඳහන්.

අනතුරුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දමමින් තේරීම් භාර නිලධාරීන් විසින් මාර්තු මස 8 වනදා ගැසට් නිවේදන නිකුත් කර තිබුණා.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් එදින ද ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවටයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15