spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය ගැන අලුත්ම ගැසට් නිවේදනයක්

අප්‍රේල් 25 වනදා සැලසුම් කර තිබූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීමට නොහැකි බව දන්වමින් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසිනුයි ගැසට් නිවේදන මගින් මේ බව දන්වා ඇත්තේ.

එම ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම පසුගිය ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදු කෙරුණු අතර මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බව මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ බව අදාළ ගැසට් නිවේදනවල සඳහන්.

අනතුරුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දමමින් තේරීම් භාර නිලධාරීන් විසින් මාර්තු මස 8 වනදා ගැසට් නිවේදන නිකුත් කර තිබුණා.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් එදින ද ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවටයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?