අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්

අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට රටම සූදානම් වෙමින් සිටිනවා. පුණ්‍ය කාලය උදාවට තවත් ඉතිරිව ඇත්තේ, පැයක පමණ කාලයක්.

අද පෙරවරු 8.35ට පුණ්‍ය කාලය උදාවන අතර එය ගෙවී යන්නේ රාත්‍රි 9.23 ටයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වන්නේ, අද (14) පස්වරු 2.59 ටයි.

පෙරවරු 8.35ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජ්‍යෝතිෂයේ සඳහන්.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද පස්වරු 3.29 ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරී මිශ්‍ර කිරිබතක් ද තල හා විළද මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කිරීම යහපත් බව, ජෝතිෂයේ දැක්වෙනවා.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරිම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ, අද පස්වරු 5.05ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කළ යුතු බව, නැකැත් පත්‍රයේ සඳහන්.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ එන ප්‍රධාන නැකැත් සියල්ල අදට යෙදී තිබීම විශේෂත්වයක්.

බොහෝ විට වෙනත් වසරවල අප්‍රේල් 13 වනදාට යෙදෙන පුණ්‍ය කාලය ද මෙවර යෙදී ඇත්තේ අද දිනටයි.

ඒ අනුව වැඩ අතහැරීම හා වැඩ ඇල්ලීම එකම දිනකට යෙදී ඇති මෙවර අවුරුද්ද විශේෂත්වයක් ගන්නවා.

හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වැනිදා පෙරවරු 9.41 ට යෙදී තිබෙනවා.

රතු හා කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත්ද ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යහපත් බවටයි ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත, ලබන 17 වැනි සඳුදා උදෑසන 6.28 ට යෙදී ඇති අතර ජ්‍යෝතිෂයේ සඳහන් වන්නේ, සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව ලබා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17