යුධ හමුදා නිලධාරියකු පැදවූ මෝටර් රථය ජිවිතයක් අහිමි කරයි(ඡායාරූප)

යුධ හමුදා නිලධාරියකු විසින් ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මොරටුව දුම්රියපලට යාබද නව ගාලු පාරේ යුධ හමුදා නිලධාරියා පැදවූ වූ වෑන් රථය පාපැදියක සහ කාර්මික දෝෂයක් නිසා නවතා තිබූ කුඩා ලොරි රථයක ගැටී මේ අනතුර සිදුවුණා.

අනතුරෙන් මියගියේ මාර්ගයේ ගමන් කළ වයස අවුරුදු 53ක් වන පානදුර,හොරේතුඩුව,ගඟ හෙළ පාරේ පදිංචි වඩු කාර්මික ශිල්පියෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ වෑන් රථය සහ කුඩා ලොරි රථයට මැදිවී තෙරපීමෙන්.

කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ කුඩා ලොරි රථයේ රියදුරු ද අනතුරෙන් තුවාල ලැබූ අතර ඒ වනවිට ඔහු සිට තිබෙන්නේ කුඩා ලොරියේ යට කාර්මික දෝෂය පරික්ෂා කරමින්.

මේ අනතුරෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක්(70) සහ තවත් පුද්ගලයෙකු (50) ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.

රත්මලාන යුධ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා නිලධාරියා මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2023 04 10 at 15.24.17
WhatsApp Image 2023 04 10 at 15.24.16
WhatsApp Image 2023 04 10 at 15.24.15 1
WhatsApp Image 2023 04 10 at 15.24.15
WhatsApp Image 2023 04 10 at 15.24.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?