දෙහැවිරිදි දැරියගේ සිරුර අසල්වැසි නිවසක දොරක එල්ලා තිබූ බෑගයක් තුළින් හමුවෙයි

දින දෙකක සිට අතරුදන්ව සිටි කුඩා දැරියකගේ මළ සිරුර අසල්වැසි නිවසක් තුළ බෑගයක දමා දොරක එල්ලා තිබිය දී සොයාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ, නොයිඩා ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, අදාළ නිවසේ හිමිකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිය වයස අවුරුදු 02ක් වයසැති දියණිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ඇය සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණා.

එහිදී තම අසල්වැසියා වන රාඝවේන්ද්‍රගේ අගුලු දමා ඇති නිවස දෙසින් දුඟදක් හමන බවට අතුරුදන් දැරියගේ පියා විසින් පොලිසයට පවසා තිබෙනවා.

පසුව වසා දමා තිබූ නිවස පොලිසියේ ද සහාය ඇතිව විවෘත කර සිදුකළ සෝදිසියේ දී දැරියගේ සිරුර දොරක එල්ලා තිබූ බෑගයක් තුළ තිබී හමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම දැරියගේ මව්පියන් දෙදෙනාම අසල කර්මාන්ත ශාලාවක සේවය කරන අතර, දැරියගේ පියා රැකියාවට ගොස් සිටිය දී සහ ඇගේ මව පසුගිය සිකුරාදා වෙළඳපොළට ගිය අවස්ථාවේ දී දැරිය නිවසින් අතරුදන්ව ඇති බවයි හෙළිව ඇත්තේ.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ ගෙල සිරකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

දැරිය ඝාතනය කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ වනවිට සැඟව සිටින අසල්වැසි නිවසේ පදිංචිව සිටි පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57