සහරාන් හෂීම්ගේ මස්සිනා බිරිඳ සමඟ අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 03ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත මුදා හැර සිටි සහරාන් හෂීම් නැමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කුලියාපිටිය – කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිටිය දී පොලිසිය විසින් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා නමැත්තියගේ සහෝදරයකු බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ලද බුද්ධි තොරතුරකට අනුව මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57