මෙරට පළමු මහාචාර්යවරිය දිවි ගමනට සමුදෙයි

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහාචාර්ය ප්‍රියානි සොයිසා මෙරට පළමු මහාචාර්යවරිය වනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනිය ද වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා මියයන විට 98 වැනි වියේ පසු වුණා.

ඇයගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසාගේ අවසන් කටයුතු අද සවස 5.00ට බොරැල්ල කනත්තේ දී සිදුකරන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?