මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියයයි – තවත් සිසුවෙකු රෝහලේ

මහනුවර පොල්ගොල්ල වේල්ල අසලින් දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද සවස දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙම සිසුවා තවත් සිසුවෙකු සමග දියනෑමට ගොස් ඇති අතර එහිදී දෙදනාම දියේ ගිලි ඇති බවයි පැවසෙන්නේ.

මියගිය සිසුවා සමග ගිය අනෙක් සිසුවා මේ වනවිට කටුගස්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.