පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා (11) රැස්වීමට තීරණය කර තිබෙනවා.
කොමිසම සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව කොමිසම සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාවක් ලැබෙනු ඇති බවටයි මැතිවරණ කොමිසමේ අපේක්ෂාව වී ඇත්තේ.
අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට දින නියම කර තිබෙනවා.














Munta vadiya honda untikak polpithi valin kapaganna puluvan. Mahajana mudalin mun nadaththu venne kiyala munta ganak naha.