පාස්කු ඉරිදාව අදයි

ලොවපුරා කිතුණු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් සමරන පාස්කු ඉරුදින සැමරුම අදට යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය ලැබීම සිහිපත් කරමිනුයි බැතිමතුන් පාස්කු ඉරිදාව සමරනු ලබන්නේ.

පාස්කු දිනය හෙවත් ඊස්ටර් ලෙසින් හදුන්වන මෙම දිනය ලොවපුරා කිතුණු බැතිමතුන් සලකන්නේ ඔවුන්ගේ ප්‍රධානතම මංගල්‍යය ලෙසයි.

අලු බදාදා දිනයේ සිට දින 40ක කාලයක් යාඥාව, භාවනාව, උපවාස ශීලය මෙන්ම විවිධ පුන්‍ය ක්‍රියාවන්ට මුල්තැනක් දෙමින් ගතකරන කිතුණු බැතිමතුන් මහ සිකුරාදා දිනයේදී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත දිවිපිදීම සිහිපත් කරනවා.

උන්වහන්සේ මරණයෙන් උත්ථානය ලැබීම කිතුණු බැතිමතුන් සමරන්නේ පාස්කු ඉරිදාවේදීයි.

පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේදී අද පැවැත් වෙනවා.

2019 වසරේ පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදා වූ අතර එදින මුළු මහත් ලෝකයම කම්පාවට පත්කරමින් මෙරට දේවස්ථාන තුනක බෝම්බ පිපිරී ගියේ පාස්කු දේව මෙහෙයට ඒ වනවිටත් එක්ව සිටි අහිංසක කිතුණු බැතිමතුන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් සහ තවත් බොහෝ පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරමින්.

පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ 2019 වසරේ පාස්කු දිනයේ වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමා කැපවී සිටින බව අවධාරණය කරන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් බැතිමතුන්ගේ මතකයෙහි රැඳී ඇති බව හොඳින් දන්නා අතර එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

අදාළ කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

එමෙන්ම එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමා කැපවී සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

පාස්කු මංගල්‍යය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින අතර යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන සිටින බවයි.

ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින අතර ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව තමා තරයේ විශ්වාස කර බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණුවලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බවයි ඔහු පාස්කු දින පණිවුඩය මගින් පෙන්වා දෙන්නේ.

රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට, ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍යය ආශිර්වාදයක්ම වේවා යි! ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරන අතර සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා යි ! සුභාශිංසනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01