තිරික්කල් පෙළකට බසයක් කඩා වැදුණු තන්තිරිමලේ අනතුරෙන් අයෙක් ජීවිතයෙන් සමුගනී

තන්තිරිමලේ පොලිස්වසමේ තන්තිරිමලේ වැව් බැම්ම මත දී ඊයේ (07) දහවල් සිදු වූ අනතුරෙන් රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටි පුද්ගලයින්ගෙන් එක් අයෙක් මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දීයි මෙලෙස මියගොස් ඇත්තේ.

අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකළ අනෙක් තිදෙනා ද අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

අවමංගල උත්සවයකට සහභාගී වීමට ගිය පිරිසක් රැගත් බස් රථයක් තන්තිරිමලේ වැව් බැම්ම මත දී තිරික්කල් පෙළක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරට ලක්වූ තිරික්කල් පෙළ මඩු වන්දනාවේ යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?