බ්‍රිතාන්‍ය ජාතික යුවළගේ සේප්පුව කොල්ල කෑ සැකකරු පැය 24ක් යන්නටත් පෙර අල්ලයි (ඡායාරූප)

බ්‍රිතාන්‍ය ජාතික අඹුසැමි යුවලකගේ විදෙස් ගමන් බලපත් දෙක, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කල සැකකරු සොරකම සිදුකර පැය 24ක් ගතවන්නට පෙර අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොරාගත් භාණ්ඩ සහ මුදල් වැටකෙයියා පදුරක් තුළ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

සැකකරු තවත් අයෙකු සමඟ එක්ව මෙම බ්‍රිතාන්‍ය ජාතික යුවළගේ මුදල් සහ භාණ්ඩ බහා තිබූ සේප්පුව සොරකම්කර එහි තිබූ ද්‍රව්‍ය ලබා ගැනීමෙන් පසු හිස් සේප්පුව මුහුදට විසිකර ඇති බවටයි පවසා ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු සොරාගත් ස්ටර්ලිං පවුම් ප්‍රදේශයේ වෙළඳසැලක කාන්තාවකගෙන් මාරුකර ගෙන ප්‍රදේශයෙන් පලාගොස් සිටින බවටත් අනාවරණය වී තිබෙනවා.

ඔහු සොයා පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක අතර, අත්අඩංගුවට පත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !