පෙර පාසල් ගුරුවරියක් ඝාතනය කෙරේ

පෙර පාසල් ගුරුවරියක් පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේදී අද උදෑසන ඝාතනය කර ඇති බව පේරාදෙණිය පොලීසිය පැවසුවා.

ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි විසිපස් හැවිරිදි අංජලී චාපා නැමැති තරුණියක් වන අතර තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවා.

පෙර පාසලේ සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළදී කිසිවෙකු විසින් ඇයගේ ගෙල කපා ඇති බව පැවසෙනවා.

සැකකරු හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

0230407 130137671