කන්නිමඩුවට ආ අලි රංචුවක් කළ විනාශයක්
අනුරාධපුර ගලෙන්බිදුණුවැව ප්රදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් කන්නිමඩුව ප්රදේශයට ඊයේ රාත්රී කඩාවැදුණු වන අලි රංචුවක් වගා බෝග රැසක් විනාශ කර තිබෙනවා.
ඒරුවැව රක්ෂිතයේ සහ මානන්කට්ටිය රක්ෂිතයේ සිට විශාල අලි රංචුවක් මෙසේ පැමිණි බවයි ගම් වැසියන් පවසන්නේ.
ඔවුන් කෙසෙල්,පොල්,වට්ටක්කා,කැකිරි,පිපිඤ්ඤා,මඤ්ඤොක්කා වැනි බෝග විනාශ කර තිබෙනවා.
දිවා රෑ නොබලා වෙහෙස වී ගම්මු හදාවඩා ගත් මේ බව භෝග විනාශ කර දැමීම ඔවුන් ගෙවන දුෂ්කර ජිවිතයට වැදුණු තවත් පහරක්.
ගම්මු පවසන්නේ කන කර උගසට තබා නැතිනම් බැංකුවලින් ණය ගෙන කළ වගාව අවසානයේ අලින්ගේ ආහාරයට දීමට සිදුවීමෙන් තමන් කබලෙන් ලිපට වැටුණු බවයි.
අවම වශයෙන් සිදුවු වගා හානිය ආවරණය කරගැනීමටවත් වන්දියක් ලබා දෙන ලෙසට ඔවුන් වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා.









