හඬන දරුවන් සනසා පංචායුධ 08ක් කඩලා

පෙර පාසැල් වෙත ගොස් හඬන දරුවන් සනසා ඔවුන් සතු රන් පංචායුධ සොරා ගත් කාන්තාවක් ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 32 හැවිරිදි ආණමඩුව ආලංකුලම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අදාල කාන්තාව ආලංකුලම, වත්තේගෙදර ඇතුළු ප්‍රදේශ වල පෙර පාසල් වෙත ගොස් හඩමින් සිටින දරුවන් සැනසීම පුරුද්දක් වශයෙන් සිදුකර ඇති බව පැවසෙනවා.

දරුවන් අට දෙනෙකුගේ ගෙල බැදි රන් පංචායුධ ඇය මේවනවිට ගලවාගෙන ගොස් ඇති අතර ඇය ගැන සැක සිතූ මව්පියන් හා පෙර පාසැල් පාලිකාවන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරකම සිදුකර ඇති බව ඇය පිළිගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (7) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.