කළුබෝවිල රෝහලට බාහිරින් ගෙනෙන මළ සිරුරු භාර නොගැනීමේ තීරණයක්

කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු එහි මෘත ශරීරාගාරය වෙත භාර ගැනීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැක්කේ මළ සිරුරු 36ක් පමණක් වන අතර මේ වන විට එම ධාරිතාව ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

බාහිරින් රැගෙන ආ නාදුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකර අතහැර දමා තිබීම මෙම තත්වයට හේතුව බව සදහන්.

මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් ශීතකරණ දෙකක් අත්‍යවශ්‍ය සේවා සඳහා ශරීර අවයව තැන්පත් කිරීමට වෙන් කර ඇති අතර ඉතිරි 34න් 28කම මාස 14ක් තිස්සේ මළ සිරුරු 28ක් තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

එය දෛනික සේවා සැපයීමට කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බවයි අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ (05) දින ලිඛිතව දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි සඳහන්.

රෝහලට රැගෙන එන නාදුනන මළ සිරුරුවල පසුවිපරම් කටයුතු පොලිසිය හරහා සිදු කර භාරකරුවන් සොයා කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වුවත් ඊට පොලිසිය දක්වන උදාසීනත්වය මීට හේතු වී ඇතැයි ද සඳහන්.

අධිකරණ නියෝග මත හෝ වෙනත් හේතු මත හඳුනාගත් මළ සිරුරු දිනපතා 8ක් හෝ 10ක් රෝහලට රැගෙන එන අතර එම මළ සිරුරුවල භාරකරුවෙකු දුර බැහැරක සිට පැමිණීමට දිනක් හෝ දෙකක් ගත වුවහොත් ඒවා තැන්පත් කිරීමට හෝ මේ තත්ත්වය මත පහසුකම් නොතිබීමෙන් ඇතැම් මළ සිරුරු ට්‍රොලි මත තැබීමට පවා සිදු වන බව එම කාර්යාලය සඳහන් කරනවා.

මෙලෙස පරීක්ෂණ අවසන් නොකළ මළ සිරුරු අතර පිළියන්දල මළ සිරුරු 7ක්, ගල්කිස්ස ප්‍රදේශයේ මළ සිරුරු 3ක්, මහරගම ප්‍රදේශයේ මළ සිරුරු 3ක්, කිරුළපන ප්‍රදේශයේ මළ සිරුරු 2ක්, මිරිහාන ප්‍රදේශයේ මළ සිරුරු 2ක්, වැල්ලවත්ත ප්‍රදේශයේ මළ සිරුරු 2ක්, කැස්බෑව, මොරටුව, බොරැල්ල, වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවලින් එක් මළ සිරුර බැගින් භාර දී තිබෙනවා.

සෙසු මළ සිරුරු පහ රෝහල්ගතව සිටියදී මිය ගිය අයගේ සිරුරු බව සඳහන්.

ඒ අතර පිරිමි පුද්ගලයින්ගේ මළ සිරුරු 22ක් සහ කාන්තා මල සිරුරු 6ක් වන අතර ඔවුන් වයස අවුරුදු 35 – 87 අතර වයසේ පසුවන අය වනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශවල ඉහළ නිළධාරීන් දැනුවත් කර ඇති අතර එම අවස්ථාවලදී පමණක් පහළ නිලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සිදු කළ ද පසුව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීමෙන් නාඳුනන මළ සිරුර ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43