රටේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයට වත්මන් රජය කටයුතු කිරීමට සූදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා
රජයේ කටයුතු සහ ජන ජීවිතය අඩාල කිරීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
“මර්ධනකාරී ප්‍රතිපත්තියක් ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි.හැබැයි ජන ජීවිතය අඬාල කරන්න කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. සාධාරණ උද්ඝෝෂණවලට වැඩවර්ජනවලට අපේ කිසිම පීඩාවක්, කරදරයක්, බාධාවක් නෑ. ඒවට අපි ඉඩදෙනවා” යනුවෙන් ඔහු පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4













