චරිත් අසලංකට අලුත් තැනක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු චරිත් අසලංක ජාත්‍යන්තර T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට පෙර ඔහු T20 ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටියේ 35 වන ස්ථානයේයි.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 තරඟ දෙකේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල 23වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු ස්ථාන 12ක් ඉදිරියට පැමිණ ඇති අතර නව ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක ස්ථාන දෙකක් පසු බසිමින් 15වන ස්ථානයටයි පත්වී ඇත්තේ.

චරිත් අසලංක T20 ක්‍රිකට් තරඟ 36 කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 04ක් සමඟින් ඔහු ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 820ක්.

Batting Rankings1
Batting Rankings2