තරුණියකගේ වෙන් වූ අතක් කෑගල්ල මහ රෝහලේදී සාර්ථකව බද්ධ කරයි (වීඩියෝ)

තරුණියකගේ වෙන්වී ගිය අතක් පැය 4ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

තරුණියකගේ සිරුරෙන් වෙන් වී තිබූ අත ඊයේ මධ්‍යම රාත්‍රියේ රෝහලට රැගෙන විත් ඇති අතර එය සාර්ථකව ඇයට බද්ධ කළ බවයි කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියාසිටියේ.

කෑගල්ල එරබදුපිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර ඊයේ රාත්‍රී ඇති වූ ගැටුමක් අතර පුද්ගලයෙකු මන්නයකින් පහරදීම හේතුවෙන් 21 හැවිරිදි මෙම තරුණියගේ වම් අතේ පහළ කොටස වෙන්වී තිබෙනවා.

වෙන් වූ අත් කොටස අයිස් යෙදූ කවරයක දමා තරුණිය ද සමග කෑගල්ල මහ රෝහලට ඇතුලත් කිරීමටයි අසල්වාසීන් කටයුතු කර ඇත්තේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම් තරුණියගේ අත බද්ධ කිරීමේ සැත්කම රාත්‍රී 9ට පමණ ආරම්භ කර තිබුණා.

ඊට සහායක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සහායක කණ්ඩායම් සහ ලේ බැංකුව විශාල සහයෝගයක් ලබාදුන් බවයි වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියාසිටියේ.

සැත්කමින් පසු තරුණිය දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

https://www.youtube.com/watch?v=zEhYtG4ytio


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44