වෙනත් කෙනෙකු සමග විවාහ වූ පෙම්වතියට බෝම්බයක් යැවූ තරුණයා

කාලයක් තිස්සේ පෙමින් වෙලී සිටි තම පෙම්වතිය වෙනත් අයෙකු සමග යුග දිවියට පාතැබූ මොහොතේම ඇය ඝාතනය කිරීමට පළමු පෙම්වතා ගත් උත්සාහය අසාර්ථක වී ගිය පුවතක් මධ්‍යම ඉංදියාවේ චට්ටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මනමාල මහතා සහ ඔහුගේ සහෝදරයා එම පළමු පෙම්වතාගේ වියරුවට ගොදුරු වූ අතර තවත් 4 දෙනෙක් තුවාල ලැබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම පෙම්වතිය අහිමි වීමෙන් වියරු වැටුණු මුල් පෙම්වතා ඇය විවාහ දිවියට ඇතුලත් වූ දිනයේ නව යුවළට සුබපතා මංගල තෑග්ගක් ඒවා තිබුණා.

එය ආවරණය කරන ලද හතරැස් පෙට්ටියක් වූ අතර එහි ආවරණ පත්‍රය ඉවත් කළ පසු ත්‍යාගය බහාලු පෙට්ටියේ සඳහන් වී තිබුනේ “හෝම් තියටර්” කට්ටලයක් එහි තිබෙන බවයි.

මනමාලිය ඒ අසල නොසිටි නමුත් ත්‍යාගය එම අවස්ථාවේදීම විවෘත කර බැලීමට රැස්ව සිටි සැවොමත් මනමාල මහතාත් මහත් උනන්දුවකින් පසුවුණා.

පසුව ත්‍යාගය බහහාලු පෙට්ටිය මනමාල මහතා විසින් විවර කර එහි තිබූ හෝම් තියටර් කට්ටලය පිටතට ගෙන එය විදුලියට සම්බන්ධ කළ සැණින් මහා හඬක් නගමින් එය පුපුරා ගියා.

පිපිරීමෙන් මනාල මහතාත් ඔහුගේ සහෝදරයත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උත්සවයේ සිටි පිරිස් පොලිසිය දැනුවත් කර සුළු වෙලාවකින් නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කළ අතර පොලිසිය පැවසුවේ එම ත්‍යාගය වටා බෝම්බයක් අටවා තිබු බවයි.

සිද්ධියෙන් පසු පැය කිහිපයකින් එම තෑගි පෙට්ටිය එවා තිබූ පෙම්වතා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු තම සැලැස්ම පාපොච්චාරණය කර තිබුණා.

තම පෙම්වතිය වෙනත් කෙනෙකු හා අතිනත ගැනීම ගැන වෛරයෙන් පසුවූ තමන් ඇයගෙන් පළි ගැනීමට මෙම සැලැස්ම ක්‍රියාත්මක කල බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !