කටාන හල්පේ කෝපියා වත්තේ පිහිටි අපනයනය ඇගලුම් ආයතනයක කළමනාකරණ අධ්යක්ෂකවරයාට හා ආරක්ෂක නිලධාරියෙකුට පහර දී දේපල හානි සිදුකිරීම පිළිබද විමර්ශන බඩල්ගම පොලිසියෙන් ඉවත්කර මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත පවරා තිබෙනවා.
ඒ මීගමුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ නියෝගයකට අනුව.
මෙම සිද්ධියට අදාළව සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන්නේනම් කර්මාන්ත ශාලාව ඉවත්කර ගන්නා බවට ශ්රී ලංකාවේ සිටින ඕමාන තානාපතිවරයා ප්රකාශ කර ඇති බව පැවසෙනවා.
මාර්තු මස 30 දින සිදුකල මෙම පහරදීම පිලිබදව බඩල්ගම පොලිසිය කටයුතු කල උදාසීන පිළිවෙත කම්හලේ සේවකයන් සහ පාලන අධිකාරිය ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී විවේචනයට ලක්කර තිබෙනවා.
පොලිසිය සිද්ධියට සම්බන්ද සැකකරුවන් අත්අඩංගුවට ගත්බවට පැවසුවත් සැකරුවන් පස්දෙනාගෙන් දෙදෙනෙකු මුලික විමර්ශනයක් හෝ අධිකරණයට නිසි තොරතුරු වාර්තා කිරීමක් නොකර නිදහස් කළ බවට පැමිණිලි කරුවන් පවසනවා.
මෙම සිද්ධියට රාජ්ය අමාත්යවරයෙකුට චෝදනා කරන ඇගලුම් නිෂ්පාදනාගාරයේ කළමනාකාරිත්වය ඔහුගේ මැරයන් විසින් මෙම පහරදීම සිදුකළ බවට චෝදනා නගනවා.
