අංගොඩ ලොක්කා ඉන්දීයාවේදී හෘදයාබාධයකින් මිය ගිහින්

පාතාල කල්ලි නායක ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා මියගියේ හෘදයාබාධයකින් බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

ඒ බැවින් ඔහුගේ මරණය සම්බන්ද පරීක්ෂණ අතහැර දැමීමට තීරණය කළ බව ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පැවසුවා.

අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබුණේ තවත් පාතාල සාමාජිකයෙකු වන සමයන්ගේ ඝාතනයත් සමගයි.