නැකතට පැළයක් – ජාතික රෝපණ නැකත 20 වැනිදා(ඡායාරූප)

”නැකතට පැළයක්- ඵලයක් දෙන පැළයක් සිටුවමු” ඒ මෙවර ජාතික රුක් රෝපණ නැකතේ තේමාවයි.

දැන් අවරුදු දෙකක ඉඳලා අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පැළයක් සිටුවීමේ නැකතක් වෙනම එකතු කරලා තියෙනවා.

හැබැයි මේක අපේ අවුරුදු සංකෘතියේ අලුත්ම අලුත් එකක් නෙමෙයි.

සාමාන්‍යයෙන් නොනගතය වෙලාවේ පොළොවට ණයගැති නොවන්න,පරිසරයට කෘතගුණ සලකන්න අපේ පැරැන්නන් පැලයක් හිටෙව්වා,විතරක් නෙමෙයි ඒක අවුරුද්දක් පුරාවට හයි හත්තිය ලැබෙන තෙක් හොඳින් බලාකියා ගත්තා.

කොහොම නමුත් දැන් ජාතික නැකත් සිට්ටුවට පැලයක් සිටුවන්න වෙනම වෙලාවක් වෙන්කරලා තියෙනවා.

ඒක හොඳ වැඩක්.

ඒ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාසේ 20 දින පෙරවරු 6.38ට.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ සියලුම ආයතන මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවල ඵල දරන ශාඛ රෝපණය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න කියල කෘෂිකර්ම ඇමතිවරයා දැනුම් දෙනවා.

එදාට පැළයක් සිටුවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මතක් කරමින් ඇමතිතුමා අද අගමැතිතුමාටයි කථානායක තුමාටයි පැලයක් ලබා දුන්නා.

IMG 20230404 WA0045 1
0H9A3269 2 scaled
0H9A3287 1 scaled