AFC Banner
Empty Ad
Empty Ad

වර්ණ සංඥා පුවරුවක සංඥා නොතකා ගොස් අනතුරක් සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

මාර්ග සංඥා පුවරුවේ සංඥාව නොතකා අපරික්ෂාකාරී ලෙස ජිප් රථයක් පදවා යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර පලාගිය පුද්ගලයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගම්පහ මිරිස්වත්ත මංසන්ධියේ සවිකර තිබු සංඥා පුවරුව නොතකා ධාවනය කළ ජීප් රථයක් නිවැරදි සංඥාව අනුගමනය කරමින් ප්‍රධාන මාර්ගයෙන් පිටත මාර්ගයකට ධාවනය කළ යතුරු පැදියේ ගැටී මේ අනතුර සිදුව තිබුණේ ඉකුත් 31 වෙනිදා රාත්‍රී 11.45ට පමණ.

අනතුරෙන් පසුව ජිප් රථයේ මුහුණතේ සිර වූ යතුරු පැදිය සමග ජීප් රථය නතර නොකර පලාගොස් ඇති අතර මෙය දුටු ත්‍රිරෝද රථ රියදුරෙකු ජීප් රථය හඹා ගොස් අල්ලා ගැනීමට උත්සහ කර තිබුණා .

එහිදී ජීප් රථ රියදුරු රථය නවතා පලාගොස් තිබු අතර ජීප් රථය පසුව පොලීසිය භාරයට ගැනුණා.

අධිකරණයට භාරවූ ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචි ජේ .ඒ.මහේෂ් සම්පත් ජයකොඩි නමැති සැකකාර ජිප් රථ
රියදුරු පසුව අධිකරණයට භාරවූ අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

යතුරු පැදිකරු තවමත් රෝහල් ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?