වර්ණ සංඥා පුවරුවක සංඥා නොතකා ගොස් අනතුරක් සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

මාර්ග සංඥා පුවරුවේ සංඥාව නොතකා අපරික්ෂාකාරී ලෙස ජිප් රථයක් පදවා යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර පලාගිය පුද්ගලයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගම්පහ මිරිස්වත්ත මංසන්ධියේ සවිකර තිබු සංඥා පුවරුව නොතකා ධාවනය කළ ජීප් රථයක් නිවැරදි සංඥාව අනුගමනය කරමින් ප්‍රධාන මාර්ගයෙන් පිටත මාර්ගයකට ධාවනය කළ යතුරු පැදියේ ගැටී මේ අනතුර සිදුව තිබුණේ ඉකුත් 31 වෙනිදා රාත්‍රී 11.45ට පමණ.

අනතුරෙන් පසුව ජිප් රථයේ මුහුණතේ සිර වූ යතුරු පැදිය සමග ජීප් රථය නතර නොකර පලාගොස් ඇති අතර මෙය දුටු ත්‍රිරෝද රථ රියදුරෙකු ජීප් රථය හඹා ගොස් අල්ලා ගැනීමට උත්සහ කර තිබුණා .

එහිදී ජීප් රථ රියදුරු රථය නවතා පලාගොස් තිබු අතර ජීප් රථය පසුව පොලීසිය භාරයට ගැනුණා.

අධිකරණයට භාරවූ ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචි ජේ .ඒ.මහේෂ් සම්පත් ජයකොඩි නමැති සැකකාර ජිප් රථ
රියදුරු පසුව අධිකරණයට භාරවූ අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

යතුරු පැදිකරු තවමත් රෝහල් ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03