ටෙලිකොම් සේවකයින් කොළොඹ දී විරෝධතාවක(ඡායාරූප)

ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණයට විරෝධය පළකරමින් එහි සේවකයින් මේ වනවිට කොළොඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා.

අප වාර්තාකරුවන් පවසන්නේ දිවයිනේ නන් දෙසින් පැමිණි 1000 කට ආසන්න ටෙලිකොම් සේවකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටින බවයි.

ඔවුන් ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අවට මාර්ගයේ විරෝධතා පාගමනක් ද ගෙන ගියා.

රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ලාභ ලබන ටෙලිකොම් ආයතනය පුද්ගලික අංශයට විකිණීමට කටයුතු කර ඇති බවටයි ඔවුන් රජයට චෝදනා නගන්නේ.

WhatsApp Image 2023 04 03 at 13.31.29
WhatsApp Image 2023 04 03 at 13.31.24