මරණය ළඟා කළ අධික වේගය

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

ඊයේ (02) රාත්‍රී 8.15 ට පමණ ආණමඩුව – හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ රස්නායකපුර,ඉහළ ඔට්ටුක්කුලම පදිංචිව සිටි සුමිත් චමින්ද කුමාර නැමැති 26 හැවිරිදි අයෙක්.

හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදිය මුදලක්කුලිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු එම අවස්ථාවේදීම ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පාලනයකර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54