අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආනයනික භාණ්ඩවල තොග මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආනයනික භාණ්ඩවල තොග මිල ගණන් මේ වනවිට 10%කින් පමණ අඩු වී ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර අගයක පැවතීම හේතුවෙන් මෙලෙස ආනයනික භාණ්ඩවල තොග මිල ගණන් අඩු වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර භාණ්ඩවල තොග මිල ගණන් පහළ යාමක් පෙන්නුම්කර ද සිල්ලර වෙළඳපොළේ භාණ්ඩ වල මිල අඩුවීමක් පෙන්නුම් නොකරන බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

මේ අතර එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලබන 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට ඊයේ (01) දිනයේ සිට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?