ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450ක මුදලක් අයකළ දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යු.රන්ජන පවසනවා.
පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා නියම කළ වැඩිම දඩ මුදල මෙය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන් නියමිත ගාස්තුව වන රුපියල් 1200 මිල ඉක්මවා රුපියල් 2500ක මුදලක් අය කිරීම, පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (FBC) සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් මෙම රෝහලෙන් රෝගීන්ගෙන් අය කර තිබූ බවට සිදුකළ වැටලීමේදී අනාවරණය වී තිබෙනවා.
මෙම චෝදනා දෙක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව අදාළ දඩ මුදල නියම කෙරුණා.



