රෝගීන් රවටා වැඩියෙන් මුදල් ගැරූ පුද්ගලික රෝහලකට ලක්ෂ 15ක දඩයක්

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450ක මුදලක් අයකළ දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යු.රන්ජන පවසනවා.

පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා නියම කළ වැඩිම දඩ මුදල මෙය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන්  නියමිත ගාස්තුව වන රුපියල් 1200 මිල ඉක්මවා රුපියල් 2500ක මුදලක් අය කිරීම, පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (FBC) සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් මෙම රෝහලෙන් රෝගීන්ගෙන් අය කර තිබූ බවට සිදුකළ වැටලීමේදී  අනාවරණය වී තිබෙනවා.

මෙම චෝදනා දෙක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව අදාළ දඩ මුදල නියම කෙරුණා.

  1. ගැසට් පත්‍රයේ සඳහන් අනික් පරීක්ෂණ සඳහා වියදම් වන මුදලත් සාමාන්‍ය ජනතාවට ලබා දෙනවා නම් හොරුන් අඩු කරගන්න පුලුවන්. ඒවැනි දේවල් ලබා දීමට පියවර ගන්නේ නම් මැනවි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19