logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දහම් පාසල් සිසුවියකට බණ මඩුව තුළ දී තියුණු ආයුධ ප්‍රහාරයක්

ගල්ඔය ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානය තුළ දී අද (02) උදෑසන ශිෂ්‍යාවක් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම විහාරස්ථානයේ දහම් පාසල සඳහා පැමිණි දහම් පාසල් ශිෂ්‍යාවක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විහාර භූමියට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් අද (02) උදෑසන 7.45 පමණ විහාරස්ථානයේ බණ මඩුව තුළ දී අදාළ සිසුවියට තියුණු ආයුධයකින් ඇන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සිදුකිරීමෙන් පසු අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර, පසුව ඔහු ගල්ඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ දහම් පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අපරාධය සිදුකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?