දහම් පාසල් සිසුවියකට බණ මඩුව තුළ දී තියුණු ආයුධ ප්‍රහාරයක්

ගල්ඔය ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානය තුළ දී අද (02) උදෑසන ශිෂ්‍යාවක් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම විහාරස්ථානයේ දහම් පාසල සඳහා පැමිණි දහම් පාසල් ශිෂ්‍යාවක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විහාර භූමියට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් අද (02) උදෑසන 7.45 පමණ විහාරස්ථානයේ බණ මඩුව තුළ දී අදාළ සිසුවියට තියුණු ආයුධයකින් ඇන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සිදුකිරීමෙන් පසු අදාළ පුද්ගලයා පළාගොස් ඇති අතර, පසුව ඔහු ගල්ඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ දහම් පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අපරාධය සිදුකළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14