නව ත්‍රස්ත පනත ගැන පැහැදිළි කිරීමක්

නව ත්‍රස්ත පනතට අනුව පුද්ගලයින් රඳවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ පමණක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ අධිකරණ අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ තීන්දුවට සියල්ල යටත් වන අතර මෙම පනත සම්බන්ධව සෑහීමකට පත් නොවන පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු වන අතර පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සඳහන් කරන කිසිවෙක් නව පනත කියවා නොමැති බව ද ඔහු අවධාරණය කරනවා.

අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ දුෂණ විරෝධී පනත ගෙන එන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව නොව රටේ දූෂණය තුරන් කිරීමට බවයි.

රට තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන දූෂණ වංචා වැළැක්වීම සඳහා දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බැවින් එම කොමිෂන් සභාවේ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් හා 2004 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තියට අනුව යමින් නව දුෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කර ඇති බව ද අමාත්‍යවරයා කියාසිටියා.

එය සම්මත කිරීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවයි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළේ.

නව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාම ගිය නිලධාරීන් පත් කිරීම සිදු නොකරන අතර, ඒ සඳහා දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හා සුදුසුකම් ඇති ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ පමණින් ඒ පිළිබදව සොයා බලා කටයුතු කිරීමේ නිසි ක්‍රමවේදයක් නොපැවති බවත්, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත හදුන්වාදීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර, ජනාධිපතිවරයා , මහ කෙමසාරිස්වරුන් , තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අධිකරණ ඇමතිවරයා සඳහන් කරනවා.

ඇතැම් පිරිස් විසින් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දුෂණ විරෝධී පනත ඉදිරිපත් නොකළ අතර එම පනත මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සදහා අවශ්‍යතම කරුණක් බව ද විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

විනිදවිද භාවයෙන් යුතු අය වැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කිරීම ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු කිහිපයක් නව දුෂණ විරෝධි පනතට ඇතුළත් කර ඇති බවත්, ලබන මැයි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍යවරයා කියාසිටියා.

නව දුෂණ විරෝධි පනත තුළින් දුෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර, නව අල්ලස් කොමිෂමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රට තුළ අල්ලස හා දුෂණය සම්බන්ධව දැනට පවතින තත්වය හේතුවෙන් ආයෝජකයින් ආයෝජනය කිරීමට බියක් දක්වන අතර, සිංගප්පුරුව දියුණු රටක් බවට පත්වීමට ප්‍රධාන හේතුව වුයේ අල්ලස හා දුෂණය තුරන් කිරීම බවයි විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේ.

ඔහු සඳහන් කළේ, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු වීම සම්බන්ධව කිසිදු වරදක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30