වැල්ලවාය පාසලක සිසුවෙකුට පහරදුන් හිමිනම රිමාන්ඩ් (ඡායාරූප)

වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බිම දණ ගස්සවා රීප්පයකින් පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරු හිමිනම අප්‍රේල් මස 06දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

සැකකාර හිම්නම වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ වැල්ලවාය මූලික රෝහලේ.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදීමේ සිද්දියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙක්.

නවකවධය සිද්දියක් මුල් කරගෙන ඔවුන් සිසුන්ට පහරදී ඇති අතර එම සැකකරුවන් ඊයේ (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

WhatsApp Image 2023 03 30 at 12.56.03 2
WhatsApp Image 2023 03 30 at 12.56.02 1 2
WhatsApp Image 2023 03 30 at 12.56.02 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?