AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 63 ළමා වාට්ටුව විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකමින් වසා දමා තිබෙනවා.

මෙම ළමා වාට්ටුව කළමනාකරණය කරනු ලැබුවේ අනුරාධපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය මගින්.

රෝහල් පාලනාධිකාරිය පවසන්නේ ⁣විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය මත මෙම ළමා වාට්ටුව පවත්වාගෙන ගිය නමුත් එම වෛද්‍යවරුන් තිදෙනා මේවනවිට රෝහල තුළ නොමැති බවයි.

ඔවුන් අතරින් වෛද්‍යවරුන්ගෙන් දෙදෙනකු විදේශ ගත වී ඇති අතර අනෙක් වෛද්‍යවරයා අධ්‍යාපන කටයුතු සදහා රෝහලෙන් බැහැරට ගොස් සිටිනවා.

අලුතින් විශේෂඥ වෛද්‍යවරුන් වාට්ටුවට අනියුක්ත කිරීමට ද නොහැකි තත්ත්වයක් මත රෝහල් පාලනාධිකාරිය දින කිහිපයකට පෙර සිදු කර තිබෙන්නේ ශික්ෂණ රෝහලේ ඇති අනෙක් ලමා වාටිටු දෙකට 63 වාටිටුවෙි සිටි රොගින් ඇතුලත් කිරිමයි.

මෙි තත්ත්වය හමුවේ එම වාටිටු දෙක තුළ තදබදයක් පවතින බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියෙකු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?