අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානායක හා කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම පිණිස අද(30) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතයි

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසන්නේ ඒ මහතාගේ දේහය පෙරවරු 9.00 සිට පෙරවරු 10.00 දක්වා එහි තැන්පත් කොට තැබෙන බවයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතයි.

අභාවප්‍රාප්ත ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, තානාපති නිලධාරීන්ට මෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට , හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලට සහභාගීවන ලෙස මහ ලේකම්වරයා දන්වා සිටිනවා.

1941 සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 දක්වා කටයුතු කළා.

1964-1967 ජා-ඇල නගර සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙස සක්‍රීය දේශපාලනයට එක්වූ ඒ මහතා පසුව 1967-1970 ජා-ඇල නගර සභාවේ උප සභාපති ලෙස පත් වි 1970-1971 ජා-ඇල නගර සභාවේ සභාපති හා 1971-1976 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළා.

ඔහු 1976-1977 පළමු ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද 1978-1988 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ද වනවා.

ඒ මහතා 1989 සිට 2015 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය, කම්කරු අමාත්‍ය, ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍යධුර ගණනාවක්ද හෙබවීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38