සවස වනවිට ඉන්ධන තදබදය අවසන් වෙයි – පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ පවතින ඉන්ධන තදබදය සවස වනවිට පහව යනු ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසන්නේ ඊයේ සවස 2 න් පසුව කොලොන්නාව තොග පර්යන්තයෙන් ටැංකි රථ වලට ඉන්ධන ලබා නොදුන් නමුත් සවස 6 න් පසුව හමුදාව මැදිහත් වී එම ඉන්ධන ලබා දීමට කටයුතු කළ බවයි.

අද පෙරවරු 6 සිට ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්වයෙන් සිදුවන බවත් සවස වනවිට තදබදය පහව යනු ඇති බවත් ශාන්ත සිල්වා මහතා පැවසුවා.

”සංස්ථාව සතුව ඉන්ධන තිබෙනවා.ඒ නිසා ජනතාව කලබල විය යුතු නැහැ.අද දිනයේ ඉන්ධන පිරවුම් හල්වල යම් තදබදයක් තිබෙන්න පුලුවන්.QR කේතය යාවත්කාලීන වෙන නිසාත් ඊයේ බෙදා හැරීමේ අඩුවක් තිබුනු නිසාත්.
හෙට උදේ වෙනකොට මේ තදබදය සම්පූර්ණයෙන් අඩු වේවි” යනුවෙන් ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?