සරසවි ඇදුරන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී අද (27) උද්ඝෝෂණයක නිරත වුණා.

මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ අත්තනෝමතික පාලනයට එරෙහි ද ආචාර්යවරු සිය විරෝධය පළකර සිටියා.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද (27) එම සංස්ථා ගොඩනැගිල්ල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමේ උත්සාහයක නිරත වන බව පවසමිනුයි ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරණු ලැබුවේ.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී අද පෙරවරුවේ ඛනිජ තෙල් වෘත්තිය සමිති ඒකමුතුව විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

රජයේ බදු ප්‍රතිපත්තියට අන්තර්වාර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?