කුරුණෑගල කොහිලේගෙදර උප තැපැල් කාර්යාලයේ තැපැල් පෙට්ටිය අතුරුදන්වී තිබෙනවා.
දසත කළ විමසීමකදී උප තැපැල් කාර්යාලයේ නිලධාරිනියක මේ බව තහවුරු කළා.
උප තැපැල් කාර්යාලවල විවෘත ස්ථානයක මෙම තැපැල් පෙට්ටිය සාමාන්යයෙන් සවි කර තිබෙනවා.
කොහිලේගෙදර උප තැපැල් කාර්යාලයේ නිලධාරිනිය පැවසුවේ අද පෙරවරුවේ තමන් කාර්යාලයට පැමිණ කළ පරික්ෂාවේදී තැපැල් පෙට්ටිය අස්ථානගත වී ඇති අයුරු දුටු බවයි.










