අලුත් අවුරුදු සමයේ කුඩා පරිමාණ නිෂ්පාදකයන්ට මහඟු අවස්ථාවක්

ලබන අප්‍රේල් මස පළමුවනදා සිට 18 වනදා දක්වා ප්‍රධාන මාර්ග දෙපස ජනතාවට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසර 2ක කාලයක් ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරීමට නිසියාකාරව අවස්ථාවක් නොලැබීම හේතුවෙන් නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට ද නොහැකි වීම හමුවේ මතු වූ දුෂ්කරතා මත මෙම තීරණය ගත් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ.

මේ අනුව කුඩා නිෂ්පාදකයන්ට මුදල් ගෙවීමක් නොමැතිව තම නිවසේ හෝ මාර්ග දෙපස තාවකාලිකව ඉදි කිරීම්වලින් තොරව නොමිලේ තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාවක් පවතිනවා.

මහරගම නගරයේ රෙදි පිළි අලෙවිකරුවන්ට ස්ථාන වෙන්කර දී ඇති ආකාරයෙන් අනෙකුත් ග්‍රාමීය ප්‍රදේශවල ද ස්වයං රැකියා ආකාරයෙන් නිෂ්පාදන සිදු කරන ජනතාවට ගාස්තු ගෙවීමකින් තොරව තම නිෂ්පාදන අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රට තුළ පැවැති කොවිඩ් වසංගත තත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා.එම නිසා බොහෝ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවයන් රැසකටද මුහුණ දීමට සිදුවුණා. ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරන එවැනි ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට තාවකාලිකව මෙම අවසරය අවස්ථාව හිමිවනවා.

මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රිදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන අප වෙන් කර දී තිබෙනවා. දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?