අලුත් අවුරුදු සමයේ කුඩා පරිමාණ නිෂ්පාදකයන්ට මහඟු අවස්ථාවක්

ලබන අප්‍රේල් මස පළමුවනදා සිට 18 වනදා දක්වා ප්‍රධාන මාර්ග දෙපස ජනතාවට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසර 2ක කාලයක් ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරීමට නිසියාකාරව අවස්ථාවක් නොලැබීම හේතුවෙන් නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට ද නොහැකි වීම හමුවේ මතු වූ දුෂ්කරතා මත මෙම තීරණය ගත් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ.

මේ අනුව කුඩා නිෂ්පාදකයන්ට මුදල් ගෙවීමක් නොමැතිව තම නිවසේ හෝ මාර්ග දෙපස තාවකාලිකව ඉදි කිරීම්වලින් තොරව නොමිලේ තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාවක් පවතිනවා.

මහරගම නගරයේ රෙදි පිළි අලෙවිකරුවන්ට ස්ථාන වෙන්කර දී ඇති ආකාරයෙන් අනෙකුත් ග්‍රාමීය ප්‍රදේශවල ද ස්වයං රැකියා ආකාරයෙන් නිෂ්පාදන සිදු කරන ජනතාවට ගාස්තු ගෙවීමකින් තොරව තම නිෂ්පාදන අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රට තුළ පැවැති කොවිඩ් වසංගත තත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා.එම නිසා බොහෝ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවයන් රැසකටද මුහුණ දීමට සිදුවුණා. ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරන එවැනි ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට තාවකාලිකව මෙම අවසරය අවස්ථාව හිමිවනවා.

මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රිදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන අප වෙන් කර දී තිබෙනවා. දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16