අලුත් අවුරුදු සමයේ කුඩා පරිමාණ නිෂ්පාදකයන්ට මහඟු අවස්ථාවක්

ලබන අප්‍රේල් මස පළමුවනදා සිට 18 වනදා දක්වා ප්‍රධාන මාර්ග දෙපස ජනතාවට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසර 2ක කාලයක් ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරීමට නිසියාකාරව අවස්ථාවක් නොලැබීම හේතුවෙන් නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට ද නොහැකි වීම හමුවේ මතු වූ දුෂ්කරතා මත මෙම තීරණය ගත් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ.

මේ අනුව කුඩා නිෂ්පාදකයන්ට මුදල් ගෙවීමක් නොමැතිව තම නිවසේ හෝ මාර්ග දෙපස තාවකාලිකව ඉදි කිරීම්වලින් තොරව නොමිලේ තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාවක් පවතිනවා.

මහරගම නගරයේ රෙදි පිළි අලෙවිකරුවන්ට ස්ථාන වෙන්කර දී ඇති ආකාරයෙන් අනෙකුත් ග්‍රාමීය ප්‍රදේශවල ද ස්වයං රැකියා ආකාරයෙන් නිෂ්පාදන සිදු කරන ජනතාවට ගාස්තු ගෙවීමකින් තොරව තම නිෂ්පාදන අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රට තුළ පැවැති කොවිඩ් වසංගත තත්වය ඇතුළු අර්බුද හේතුවෙන් ගෙවුණු වසර දෙක තුළම සිංහල හින්දු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදි සැමරීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට අහිමි වුණා.එම නිසා බොහෝ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අපහසුතාවයන් රැසකටද මුහුණ දීමට සිදුවුණා. ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරන එවැනි ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට තාවකාලිකව මෙම අවසරය අවස්ථාව හිමිවනවා.

මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රිදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන අප වෙන් කර දී තිබෙනවා. දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට අප කටයුතු කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20