අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීම හෙට සිට

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට මෙලෙස සහල් ලබා දීමට නියමිතයි.

ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ ඊයේ (25) හම්බන්තොට ලුනම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ ලබා දෙන සහල් ඉල්ලා ඇතැයි සඳහන්.

පසුගිය සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් සිදු වුව ද, විශාල පිරිසක් වී වගා කළත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටින බව කරුණ සුළුපටු දෙයක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඉල්ලුම් කර ඇති පරිදි ලබා දීමට පියවර ගන්නා බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජය මෙවර මහ කන්නයේ දී ගොවීන් වෙතින් වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට පියවර ගෙන තිබුණා.

ඒ සඳහා පළමු අදියර යටතේ වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10ක්.

වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?