අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීම හෙට සිට

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට මෙලෙස සහල් ලබා දීමට නියමිතයි.

ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ ඊයේ (25) හම්බන්තොට ලුනම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ ලබා දෙන සහල් ඉල්ලා ඇතැයි සඳහන්.

පසුගිය සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් සිදු වුව ද, විශාල පිරිසක් වී වගා කළත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටින බව කරුණ සුළුපටු දෙයක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඉල්ලුම් කර ඇති පරිදි ලබා දීමට පියවර ගන්නා බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජය මෙවර මහ කන්නයේ දී ගොවීන් වෙතින් වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට පියවර ගෙන තිබුණා.

ඒ සඳහා පළමු අදියර යටතේ වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10ක්.

වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14