IMF ණය ගන්නා හැටි සමන්ත විද්‍යාරත්න කියයි (වීඩියෝ)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නේ නම් තමන් ණය ලබාගන්නේ මූල්‍ය අරමුදලට කොන්දේසි පනවා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.

අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් ණය ලබා නොගන්නා බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසිවලට නොව මෙරට කොන්දේසිවලට ඔවුන් එකඟවන්නේ නම් පමණක් ණය ලබාගන්නා බවයි සමන්ත විද්‍යාරත්න මහතා කියාසිටියේ.

2009 වසරේ සිට 2022 වසර දක්වා ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට අපනයනය කළ භාණ්ඩ වෙනුවෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 60ක් තවමත් මෙරටට රැගෙන විත් නොමැති බවට ජාත්‍යන්තර ආයතනයක් ප්‍රකාශකර ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

දේශපාලනඥයන්ට අල්ලස් ලබාදී ඇතැම් ව්‍යාපාරිකයන් අදාළ මුදල් විදෙස් රටවල ආයෝජන සඳහා යොදවා ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියාසිටියේ.

එම මුදල් යළි මෙරටට රැගෙන ආ යුතු බව ද ඔහු අවධාරණය කරනවා.

https://www.youtube.com/watch?v=bw851phxDVA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08