ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට සක්‍රීය ලෙස මැදිහත් වන බව සරත් වීරසේකර කියයි

මෙතෙක් කරන ලද නි‍ර්දේශවලට සීමා නොවී ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සදහා සක්‍රීය ලෙස මැදිහත්වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.

එම කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි සභාපතිවරයා මේ බව සදහන් කළේ.

මෙම කාරක සභාව ආංශික අධීක්ෂණ කාරක සභා අතුරෙන් ඉතාම භාරධුර කාර්යයක් පැවරී ඇති කාරක සභාවක් බව පෙන්වා දුන් සභාපතිවරයා ජාතික ආරක්ෂාවට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ඉදිරි කාලය තුළ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට අතීතයේ සිටම විවිධ ආක්‍රමණ සහ සතුරු උවදුරුවලට මුහුණදීමට සිදුව ඇති අතර එහි නවතම මුහුණුවර ලෙස භෞතික ආක්‍රමණ වෙනුවට විදේශීය ගිවිසුම් හරහා සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. එබැවින් එම ගිවිසුම් පිළිබදව අධ්‍යයනය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින්නේද යන්න ‍සොයා බැලිීම මෙම කාරක සභාවේ වගකීමක් බවයි සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. එසේම යෝජිත මහබැංකු පනත් කෙටුම්පත පිළිබදවද අවධානය යොමුකළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

ත්‍රස්තවාදය මැඩපැවැත්වුවද ආගමික අන්තවාදය තවමත් මෙරට ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිරතුරුව අවධානයෙන් පසුවිය යුතු බවයි කමිටු සභාපතිවරයා පැවසුවේ. විශේෂයෙන් ලියාපදිංචි වී නොමැති, ආගම සහ භාෂාව පමණක් උගන්වන මද්‍රසා පාසැල් පිළිබඳව ද විදේශයන් සිට මෙරටට පැමිණෙන, අන්තවාදී අදහස් හා දේශන පවත්වන පුද්ගලයන් පිළිබදව ද විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව ද සරත් වීරසේකර පෙන්වා දෙනවා. මෙම අන්තවාදය පරාජය කිරී‍ම සම්බන්ධයෙන් 2015-2019 කාලයේ පැවති ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙන්ද ඉතා වැදගත් නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, ඉදරියේදී ඒවා ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී සභාපතිවරයා ප්‍රකාශ කළා.

මහජනතාවගේ ජීවිත හා දේපළවලට තර්ජනයක් වන පරිදි සිදුකරන කැරලි කෝලහල නැවත්වීම මගින් රටේ ආරක්ෂාව තර කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වුණා. විශේෂයෙන් ජූලි 9 ඇති වූ සිද්ධියේදී ආරක්ෂක අංශකවලින් යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එවැනි දෑ සිදුනොවීමට වගබලා ගත යුතු බවයි කාරක සභාව විසින් අවධාරණය කරනු ලැබුවේ.

ත්‍රස්ත්‍රවාදීන් ස ඟවා තිබියදී යුධ හමුදාව විසින් සොයාගැනුනු රත්‍රං තොගයක් සම්බන්ධයේද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බලා කටයුතු කිරීමටයි මෙහිදී තීරණය වූයේ.

මීට අමතරව මත්ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදා හැරීම, අන්තර්ජාල අපරාධ, සමාජමාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසයන් ඇතුළු අපරාධ පාලනය ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. ඒ අනුව අදාළ පාර්ශ්ව කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනී‍මට අපේක්ෂා කරන බව කමිටු සභාපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21