ඩයනාගේ පුරවැසිභාවය ගැන ආගමන විගමන පාලකගෙන් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ගෙන් ප්‍රකාශ ගන්න – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණියේ කවදාද ? ඉන්පසුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉල්ලුම් කර තිබේ නම් ඒ කවදාද?  ඒ සඳහා මුදල් ගෙවා තිබේ නම් කුවිතාන්සි පත් වල අංක සහ ඩයනා ගමගේ මහත්මිය මෙරට ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කර තිබේද? එසේ ඉල්ලුම් කර තිබේ නම් ඊට අදාල මුදල් ගෙවූ කුවිතාන්සියේ අංක ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයේ සඳහන් වුණා.

එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ  අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සලකා බැලිය හැකිද? නැද්ද? යන්න තීරණය කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියේ පැමිණිලිකරු වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ නමැත්තිය උප්පැන්න සහතික දෙකක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී තහවුරු වී ඇතැයි කියා සිටියා.

ඒ අනුව ආගමන හා විගමන පනතේ 45(1) අ සහ 45 (1) ඈ යන වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය “බී” වාර්තාව තුළින් අධිකරණයට ඉදිරිපත් කර තිබිය දී ඇය මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ..

මෙවැනි තොරතුරු අනාවරණය විට සාමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වුවත් මෙය අසාමාන්‍ය නඩුවක් බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ සැකකාරියක ලෙස අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා වැඩිදුරටත්  අධිකරනයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව උප්පැන්න සහතික දෙකක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන තිබෙන බවට ඉදිරිපත් වී ඇති කරුණ ප්‍රතික්ෂේප කරන බව කියා සිටියා.

ඇයට තිබෙන්නේ එක් උප්පැන්න සහතිකයක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබෙන දෙවැනි උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළ යුතු බවත් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්නා වර්ණකුල මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ වල උදෘත ඉකුත්දා භාරදුන් බවත් ඒවා අධ්‍යයනය කරමින් සිටින බවත් කියා සිටියා.

මෙම නඩු කරයට පනත් කිහිපයක් සම්බන්ධයෙන් වැරදි ඉදිරිපත් වී තිබෙන බැවින් ඒ බව පුළුල්ව විමර්ශනය කිරීමට අවශ්‍ය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය කඩිනම් තීන්දු ගැනීම අපහසු බවයි සඳහන් කළේ.

සැකකාරිය අත්අඩංගුවට ගැනීම සිදු කළ යුත්තේ පොලිසියෙන් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එවැනි අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයා කටයුතු නොකරන බවත් නීතිපතිවරයා සිදුකරන්නේ චෝදනා ගොනු කළ යුතු ආකාරය පිළිබඳව පොලීසියට උපදෙස් දීම පමණක් බවත් ඇය පැවසුවා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල නැවත අප්‍රේල් මස 6 වනදා කැඳවීමට නියම කළ අතර එදින විමර්ශන වල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලා.

AGNmyxYLCWrHC724MF2I OyusKotU7i9WzDaxWPTkEXrjg=s40 pReplyReply allForward
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00