ඇල්ලවල දිය ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනකු ගේ සිරුරු හමුවෙයි (ඡායාරූප)

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ අනෙක් තරුණයන් තුන්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි. දිය නෑමට ගොස් සිටි පිරිසක් අතරින් හතර දෙනෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය කළ සෝදිසියකදී එක් තරුණයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැණුනා.

පසුව ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාපතනය සහ ඇල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙනුයි මෙහෙයුම් අත්හැර දැමුණේ.

අනතුරුව අද පෙරවරුවේ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද උදෑසන එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදීයි අතුරුදන්ව සිටි අනෙක් තරුණයන් තුන්දෙනාගේ සිරුරු සොයා ගැණුනේ.

කල්මුණේ සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 25 අතර වයස්වල පසුවන තරුණයන් 10 දෙනෙකු ඊයේ ඇල්ලවල දිය ඇල්ලට පැමිණ සිටියදීයි හතර දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ.

මළ සිරුරු වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47