spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ලවල දිය ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනකු ගේ සිරුරු හමුවෙයි (ඡායාරූප)

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ අනෙක් තරුණයන් තුන්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි. දිය නෑමට ගොස් සිටි පිරිසක් අතරින් හතර දෙනෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය කළ සෝදිසියකදී එක් තරුණයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැණුනා.

පසුව ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාපතනය සහ ඇල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙනුයි මෙහෙයුම් අත්හැර දැමුණේ.

අනතුරුව අද පෙරවරුවේ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද උදෑසන එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදීයි අතුරුදන්ව සිටි අනෙක් තරුණයන් තුන්දෙනාගේ සිරුරු සොයා ගැණුනේ.

කල්මුණේ සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 25 අතර වයස්වල පසුවන තරුණයන් 10 දෙනෙකු ඊයේ ඇල්ලවල දිය ඇල්ලට පැමිණ සිටියදීයි හතර දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ.

මළ සිරුරු වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?