බංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 25 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

අද ඉරිදා පෙරවරු 8ට පමණ රියදුරුට පාලනය කරගත නොහැකි වූ බසය මෑතකදී ඉදිකරන ලද ප්‍රධාන අධිවේගී මාර්ගයක ආරක්‍ෂිත වැටක ගැටී පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 40 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට තිබෙනවා.

තුවාල ලැබුවන්ගෙන් පුද්ගලයින් 12 දෙනෙකුට පමණ බරපතල තුවාල සිදුවී ඇතැයි සඳහන්.

තුවාල ලැබූ මගීන්ගෙන් ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි පොලිසිය සැක කරන්නේ.

පැරණි, නිසි ලෙස නඩත්තුවක් නොමැති වාහන සහ මාර්ග මෙන්ම නිසි පුහුණුවක් නොමැති රියදුරන් හේතුවෙන් බංග්ලාදේශයේ මාර්ග අනතුරු නිරන්තරයෙන් සිදුවනවා.

2030 වසර වන විට මාරක රිය අනතුරු සියයට 50කින් අඩු කරන බවට බංග්ලාදේශ රජය පැවසුව ද මාරක රිය අනතුරු ඉහළ යමින් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54