spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 25 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

අද ඉරිදා පෙරවරු 8ට පමණ රියදුරුට පාලනය කරගත නොහැකි වූ බසය මෑතකදී ඉදිකරන ලද ප්‍රධාන අධිවේගී මාර්ගයක ආරක්‍ෂිත වැටක ගැටී පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 40 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට තිබෙනවා.

තුවාල ලැබුවන්ගෙන් පුද්ගලයින් 12 දෙනෙකුට පමණ බරපතල තුවාල සිදුවී ඇතැයි සඳහන්.

තුවාල ලැබූ මගීන්ගෙන් ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි පොලිසිය සැක කරන්නේ.

පැරණි, නිසි ලෙස නඩත්තුවක් නොමැති වාහන සහ මාර්ග මෙන්ම නිසි පුහුණුවක් නොමැති රියදුරන් හේතුවෙන් බංග්ලාදේශයේ මාර්ග අනතුරු නිරන්තරයෙන් සිදුවනවා.

2030 වසර වන විට මාරක රිය අනතුරු සියයට 50කින් අඩු කරන බවට බංග්ලාදේශ රජය පැවසුව ද මාරක රිය අනතුරු ඉහළ යමින් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?